රොෂාන් එක්ක බියර් එකකට සෙට් වුණ පළවෙනි දවසෙ කිවුව කතා ඔක්කොම අවුරුදු 19 – 23 අතරෙ කෙල්ලො ගැන. ඒව ඔක්කොම ටිකක් විතර එක වගේ නිසා දැන් මම ලියන්න යන්නේ රොෂාන් බොහොම මෑතකදී අපට කිව්ව කතාවක්. මේක රොෂාන් තාම කරගෙන යන වැඩක් නිසා බොහොම පරිස්සමෙන් ලියන්න කියලා මිනිහ ඉල්ලුව. අපිට මේක විශ්වාස කරන්න අමාරු නිසා මිනිහ ෆෝන් එකේ රෙකෝර්ඩ් කරගෙන හිටිය පොඩි වීඩියෝ ක්ලිප් තුන හතරක් විතර පෙන්නුවා. ඒවා මිනිහගෙ කතාව එක්ක සියයට සියයක් ගැලපෙනවා.
මම කියලා තියෙනවනෙ රොෂාන් වාහන බ්රෝකර් වැඩ කරන බව. මිනිහ ජොබ් එක අවංකව කැපවීමෙන් කරන නිසා, මිනිහට කස්ටමර්ස්ලා සලකනවා. මීට මාස හය හතකට කලින් රොෂාන්ට කෝල් එකක් ආවා මීට කලින් මිනිහ වාහනයක් විකුණලා දීපු මහත්තයෙකුගෙන්. මහත්තයාගේ හිතට ගැලපෙන විදිහට විශ්වසවන්තව වාහනය විකුණලා දීපු නිසා තවත් වැඩක් බාර දෙන්නයි කතා කළේ. ඒ මහත්තයාගේ නෝනට පොඩි සෙකන්ඩ් හෑන්ඩ් – ඒ වුණත් ලෙඩ නැති වාහනයක් අරගන්න. මහත්තයා ෆෝන් එකෙන් වාහනයේ අවශ්යතා ගැන කියලා, තමන්ට රාජකාරී අධික නිසා, වැඩි විස්තර නෝනා එක්ක කතා කරගන්න කියලා නෝනගේ ෆෝන් නම්බර් එක දුන්නා. මොකද රොෂාන් ඒ තරමට විශ්වාසවන්තව තමයි ගනුදෙනු කරන්නේ.
ඉතිරිය මෙතනින් බාගෙන බලන්න
Comments
Post a Comment