Writer -ශෘංගාර නන්දන
ටික වෙලාවක් ඇවිද ඇවිද ඉඳලා ඊට පස්සෙ මම බයිසිකලේ ස්ටාට් කරගෙන ගිහින් ඇරලා තිබුණ ෂෙඩ් එකකින් බයිසිකලේට පැට්‍රල් ගහගෙන ආවා. පොරොන්දු වුණ විදිහට හරියටම 9 ට තිලක්ගෙන් කෝල් එකක් ආවා. තිලක් කියපු අලුත් තැනකට 9.10 ට එනවා කියලා කිව්වා. මම එවෙලෙම එතනට ගියා. ගිහින් බයිසිකලේ නවත්තලා පැත්තෙ ස්ටෑන්ඩ් එක ගහලා බයිසිකලේට හේත්තු වෙලා පාර දිහා බලාගෙන හිටියා.
මම බලන් හිටියෙ පාරෙ මීගමුව පැත්ත. 9.10 වෙනකොට මම හරිම නොසන්සුන්. නිකන් හරියට තමන්ගෙ පෙම්වතිය එනකල් ලාබාල පෙම්වතෙක් බලන් ඉන්නවා වගේ. මගෙ වයිෆ් ගැන මට ලොකු ආදරයක් ඇති වෙලා. මං බල කරපු නිසා තමයි සරලා මේ වගේ දේවල් වලට කැමති වුණේ. දැන් මගේ සතුට වෙනුවෙන් සරලා තමන් ඉස්සර නම් කොහෙමවත් කරන්නෙ නැති දේවල් කරන්න ඉදිරිපත් වෙලා. මහ රෑ නාඳුනන මිනිහෙක් එක්ක සරාගී ඇඳුම්ක් ඇඳගෙන බයිසිකලේක නැගලා මිනිහට තුරුල් වෙලා රවුමක් යනවා කියන්නෙ ඉස්සරනම් සරලා කීයටවත් කරන දෙයක් නෙවෙයි.
සරලා ගැන ආදරයෙන් බර වෙලා පාර දිහා බලාගෙන ඉන්න මට ඈතින් තිලක්ගෙ බයිසිකලේ එන හැටි පෙනුනා. ඒක ආවෙ ටිකක් වේගෙන්. ඒත් මං ලඟට එද්දි ඒකෙ වේගෙ අඩු වුණා. තිලක් මං දිහා බලාගෙන හිනාවෙලා ඇහැක් ගහලා නොනවත්වා ඉස්සරහට ගියා. සරලා දැක්කෙ නැහැ මං එතන ඉන්නවා. ඒ නිසා සරලා තිලක්ට තුරුලු වෙලාම හිටියා.
Comments
Post a Comment